පාකිස්තානු නෞකාවක් කොළඹ වරායට...

පාකිස්තානු නෞකාවක් කොළඹ වරායට...

February 1, 2025  

Bookmark and Share
පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

එම නෞකාව දිගින් මීටර් 123ක් වන අතර එහි කාර්ය මණ්ඩලය 243ක ගෙන් සමන්විතය.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් MUHAMMAD AZHAR AKRAM කටයුතු කරනු ලබයි.

එමෙන්ම, ‘PNS ASLAT’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.