77 වන ජාතික නිදහස් දින සැමරුම...

77 වන ජාතික නිදහස් දින සැමරුම...

February 4, 2025  

Bookmark and Share
අභිමානවත් 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍ර පරිස්‍රයේ දී අද (04) පැවැත්වුණි.

"ජාතික පුනරුදයට පෙළගැසෙමු" යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය පැවති අතර ඒ සදහා ආගමික නායකයින්, විදෙස් තානාපතිවරුන්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියේය.

එමෙන්ම මෙම අවස්ථාව සදහා ආදී වාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන් ද එක්ව සිටීම විශේෂත්වයකි.

නිදහස් සැමරුම් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණිමෙන් අනතුරුව සාම්ප්‍රදායිනුකූලව පාසල් සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ජයමංගල ගාථා ගායනා කිරීම සිදුකෙරුණි.

අනතුරුව නිදහස් උත්සවයේ වැඩකටයුතු ආරම්භ වු අතර උත්සවය විවිධ සංස්කෘතිකාංග රැසකින් සමන්විත වී තිබුණි.