ඉන්දුනීසියානු යුද නැවක් කොළඹ වරායට...

ඉන්දුනීසියානු යුද නැවක් කොළඹ වරායට...

February 5, 2025  

Bookmark and Share
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව කොළඹ වරායට පැමිණ තිබේ.

එම නෞකාව ඊයේ (04) කොළඹ වරායට පැමිණ තිබුණේ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහාය.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට පැමිණි CORVETTE FSGHM වර්ගයට අයත් ‘KRI DIPONEGORO - 365’ යුද නෞකාව, දිගින් මීටර් 90.71ක් හා එහි කාර්ය මණ්ඩලය 120ක ගෙන් සමත්විතය.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් WIRASTYO HAPRABU කටයුතු කරනු ලබයි.

තවද, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතව ඇත.

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘KRI DIPONEGORO - 365’ අද (05) වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.