"ධූරන්දර්" ඉන්දීය රුපියල් කෝටි 500 ඉක්මවූ දෙවන හින්දි චිත්‍රපටය වෙයි

December 21, 2025   08:09 am

ඉන්දීය සුපිරි නළු රන්වීර් සිංහ සහ අක්ෂේ ඛන්නා රංගනයෙන් දායක වන ඉන්දීය සිනමා නිර්මාණයක් වූ "ධූරන්දර් චිත්‍රපටය මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 500 ඉක්මවූ දෙවන හින්දි චිත්‍රපටය බවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

දැනට මෙම වාර්තාව හිමිකරගෙන ඇත්තේ අල්ලු අර්ජුන් නායකත්වය දුන් "පුෂ්පා 2- ද රූල්" චිත්‍රපටය වන අතර එය දින 11ක් තුළ මෙම වාර්තාව තබා තිබේ.

ධූරන්දර් චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව එහි පළමු සතිය තුළ ඉන්දීය රුපියල් කෝටි 207.25 ක ශුද්ධ ආදායමක් උපයා ගෙන ඇති අතර දෙවන සතියේදී එම අගය ඉක්මවා වාර්තා කිරීමටද සමත්ව ඇත.

ධුරන්දර් චිත්‍රපටය මීට පෙර වේගවත්ම චිත්‍රපටය වූ ෂාරුක් ඛාන්ගේ ජවාන් චිත්‍රපටයද අභිබවා ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම මේ වන විට 16 වැනි දිනයේදී පමණක් චිත්‍රපටයේ දළ ආදායම රුපියල් කෝටි 40.20ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇතැයිද සමස්තයක් ලෙස චිත්‍රපටයේ ඉන්දියානු ආදායම පමණක් රුපියල් කෝටි 700 සීමාව ඉක්මවා ගොස් ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ජාත්‍යන්තර බොක්ස් ඔෆිස් අතින්ද ධුරන්ද චිත්‍රපටය අඛණ්ඩව ශක්තිමත් ආදායමක් වාර්තා කර ඇති අතර විදේශයන්හී එකතු කිරීම්ද දැන් ආසන්න වශයෙන් රුපියල් කෝටි 160 ඉක්මවා ඇතැයිද වාර්තා වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපටයේ මුළු ලෝක ව්‍යාප්ත ආදායම ඉන්දීය රුපියල් කෝටි 940ද ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ. 

ධුරන්දර් චිත්‍රපටය සඳහා අක්ෂේ ඛන්නා, අර්ජුන් රාම්පාල්, සංජේ දත්, සාරා අර්ජුන්, රාකේෂ් බේඩි සහ ආර් මාධවන් ද රංගනයෙන් දායක වේ.