ගිනිඅවි සහ මත්කුඩු සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

ගිනිඅවි සහ මත්කුඩු සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

January 6, 2026   10:08 am

ගිනිඅවි 2ක්, රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුතු හොරෙයින් මත්කුඩු තොගයක් හා ජීව උණ්ඩ සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළුබෝවිල විමලසාර මාවතේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 70 හැවිරිදි අධිකාරිගේ සමන්ත පෙරේරා නොහොත් 'චූව සමන්ත' නැමැත්තාගේ සමීපතමයෙකු බව සඳහන් වෙයි.

සැකකරු සමඟ විදේශ රටක නිෂ්පාදිත අංක 23263 දරණ කාණු දෙකක් සහිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත 9mm වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවියක්, T56 උණ්ඩ 05ක්, 9 එම්. එම් උණ්ඩ 10ක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255ක් පොලිස් භාරයට ගෙන ඇත.

කොහුවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.