'GEM SRILANKA 2026' ප්‍රදර්ශනය හෙටත්

'GEM SRILANKA 2026' ප්‍රදර්ශනය හෙටත්

January 8, 2026   09:35 pm

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ 'GEM SRILANKA 2026' ප්‍රදර්ශනය හෙට (09) දිනයේදීත් පැවැත්වේ.

ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමය (CGJTA) විසින් සංවිධානය කරනු ලබන 'GEM SRILANKA 2026' ප්‍රදර්ශනය කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී ඊයේ(07)ආරම්භ විය.

ඊයේ පැවති සමාරම්භක අවස්ථාවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, තානාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද(08) දවස තුලද මෙම ප්‍රදර්ශනය පැවති අතර ඊට විශාල පිරිසක් එක්ව සිටියහ.