ශ්‍රී ලංකා - ලිතුවේනියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 30ක්

ශ්‍රී ලංකා - ලිතුවේනියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 30ක්

February 9, 2026   05:35 pm

ලිතුවේනියා 108 වන ජාතික නිදහස් දින සංවත්සරය සඳහා ශ්‍රී ලංකාවේ ලිතුවේනියා කොන්සල් කාර්යාලය විසින් ලිතුවේනියා රජයට සහ ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.

ලිතුවේනියා රජයේ නිදහස් දිනය එළැබෙන 16 වනදාට යෙදි ඇති අතර 2026 වසර වනවිට ලිතුවේනියා-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා වසර 30ක් සපිරෙන බව සඳහන් වේ.

මෙහෙිදී ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ  ශ්‍රී ලංකාවේ සහ ලිතුවේනියාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 30 වන වසර සමරන මොහොතේ ඉදිරියටත් දෙරට අතර ශුභවාදීව පියවර තබනු ඇති බවය.

එමෙන්ම දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීම, සංස්කෘතිකව මෙන්ම ජනතාව අතර සහයෝගීතාවයෙන් නව ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සඳහා මුලපිරීම් ගණනාවක් ඉදිරියට සිදුකිරීමට නියමිත බවද සඳහන් වේ.

1996 දී පිහිටුවන ලද විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 30 වසරක සන්ධිස්ථානය කරා රටවල් දෙකම ඉදිරියට යන විට, ලිතුවේනියා-ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිය කැපවීම ගෞරවනීයව මෙරට කොන්සල් කාර්යාලය නැවතත් තහවුරු කර තිබේ.