විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

March 31, 2026   10:01 am

නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 55ක් පමණ වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන් තොටුපළ හරිත මාවත ඔස්සේ එම දුම්වැටි රැගෙන යාමට උත්සහ කිරීමේ දී රේගු නිලධාරීන් විසින් සැකකරු අද (31) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේය.

සැකකරුගේ ගමන් බෑගයේ තිබී විදෙස් දුම්වැටි 35,000ක්, නිකොටීන් පැකැට් 2,000ක් සහ විද්‍යුත් දුම්වැටි 50ක් ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු අතර මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ රේගු නිළධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.