නීතිවිරෝධීව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
April 4, 2026 11:36 am
බලපත්ර නොමැතිව ඩීසල් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් 180ක් සොයා ගැනීමට හැකි වූ බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි හෙයියන්තුඩුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මේ අතර බලපත්ර නොමැතිව භූමිතෙල් තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සෙවනගල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
භූමිතෙල් ලීටර් 1000ක් ලොරි රථයකින් ප්රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හා 49 හැවිරිදි සෙවනගල ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
