දෙදරු පියෙකුට මරු කැඳවූ ආරවුල
May 14, 2026 10:53 am
කටුදෙණිය ප්රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි දෙදරු පියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට මාතලේ පොලීසිය සැකකරයි.
කටුදෙණිය ප්රදේශයේ පාළු නිවසක් අසල ඊයේ (13) රාත්රියේ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑම හේතුවෙන් ඇති වූ ගැටුමකින් මෙම පුද්ගලයා ඝාතනය වන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම ප්රදේශයේම ගැටුම සිදුවන්නට ඇති බවට සැක කරන නිවසේ මුරකරු හා තවත් පුද්ගලයෙකු මහනුවර ප්රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසියේ අපරාධ අංශය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මාතලේ පොලීසිය මඟින් සිදුකරනු ලබන අතර ස්ථානීය පරීක්ෂාව මාතලේ මහෙස්ත්රාත් විසින් සිදුකරනු ලැබීය.
