ලොරි රථයක් අඩි 250ක් ප්‍රපාතයට පෙරළෙයි

ලොරි රථයක් අඩි 250ක් ප්‍රපාතයට පෙරළෙයි

May 21, 2026   10:08 am


තේ දළු ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් අඩි 250ක් ප්‍රපාතයකට පෙරළී රියදුරු සහ රිය සහායකයා බරපතළ ලෙස තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

තලවකැලේ ලිඳුල ෆාමස්ටන් වතුයායේ තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එම වතුයාය තුළදීම මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇත.

ඊයේ (20) පස්වරු 1ට පමණ එම වතුයායේ නෙළා තිබූ තේ දළු බෑග් තේ කර්මාන්ත ශාලාව දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ රියදුරා මහනුවර ශික්ෂණ රෝහල වෙත අද (21) මාරුකර යැවූ බව ලිඳුල පොලීසිය පවසයි.

අනතුරින් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවත්, ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන ලිඳුල පොලීසිය පවසයි.