ග්‍රෑන්ඩ්පාස්වල සැකකටයුතු මරණයක්
May 29, 2026 10:17 am
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ හේනමුල්ල කඳවුර ප්‍රදේශයේ පදිංචව සිටි පුද්ගලයෙකු තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව රෝහල් පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (28) රාත්‍රී මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කර ඇති අතර අද (29) අලුයම් කාලයේදී ඔහු මියගොස් ඇති බවය.
මරණකරු 65 හැවිරිදි හේනමුල්ල කඳවුර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.
පහරදීමක් හේතුවෙන් සිදුවූ තුවාල මත මෙම මරණය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
