තඹුත්තේගම නිවසකින් පුද්ගල මළසිරුරක් හමුවේ

තඹුත්තේගම නිවසකින් පුද්ගල මළසිරුරක් හමුවේ

June 22, 2026   09:44 am

තඹුත්තේගම, යාය 05 ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට තඹුත්තේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වන යාය 05 රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

තඹුත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.