පොසොන් පොහොයට විකුණන්න හරක් මස්කරන ඝාතකාගාරයක් වටලයි
June 28, 2026 11:21 am
පොසොන් පොහොය නිමිත්තෙන් ගව ඝාතකාගාර වසා ඇති බැවින් හෙට (29) දිනයේදී ආපන ශාලා සහ හෝටල් වෙත නිකුත් කිරීම සඳහා හරක් මස් ලෙස හැඟවෙන පරිද මී ගවයින් ඝාතනය කර ඇති ස්ථානයක් වටලා පුද්ගලයින් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හරක් මස් ලෙස හැඟවෙන පරිද මී ගවයින් ඝාතනය කර එම මස්, වෙළඳපොළට නිකුත් කිරීමේ සූදානමක් ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි.
ඒ අනුව, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (28) අලුයම මහබාගේ උතුර ප්‍රදේශයේ ගව ඝාතකාගාරය වටලා ඇත.
එම ස්ථානය වටලන අවස්ථාවේදී මී ගවයින් 13 දෙනෙකු සහ එක් එළ හරක් පැටියෙකු ඝාතනය කර තිබී ඇති අතර මරා දැමීම සඳහා රැගෙන විත් තිබූ එක් මී ගවයෙකු බේරා ගැනීමට හැකියාව ලැබී ඇත.
මෙසේ මරා දමා තිබූ මී ගවයින්ගේ හිස් කබල්, ඇටකටු සහ පරිභෝජනයට ගත නොහැකි කොටස් ඉවත්කල පසු මස්වල බර පමණක් කිලෝග්‍රෑම් 5000කට අධික වී ඇති අතර වැටලීමේදී එම ගව ඝාතකාගාරයේ සිටි සැකකරුවන් 04 දෙනෙකු ද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙට දින පොසොන් පොහොය හේතුවෙන් ගව ඝාතකාගාර වසා දමා ඇති බැවින් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල හෝටල් සහ ආපන ශාලාවලට ගව මස් ලෙස නිකුත් කිරීම සඳහා එම මී ගවයින් ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇත.
