ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ ශූරයින් කටුනායකට
July 2, 2026 10:35 am
තායිලන්තයේ පැවති දෙවන මිස්ටර් යුනිවර්ස් ( Mr.Universe)කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ කණ්ඩායම අද (02) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
එහිදී ක්‍රීඩකයින් ප්‍රෝ කාඩ් පත් 02ක්, රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනාගෙන තිබේ.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 47ක කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 327 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජූනි 27 සහ 28 යන දෙදින තායිලන්තයේ පතායා නුවර, ලෝක කායවර්ධන සම්මේලනය විසින් පවත්වා තිබුණි.
එහිදී වෘත්තීයම තරගාවලි සඳහා සහභාගීවීමට අවශ්‍ය සුදුසුකම් සපුරාගත් අනෝජ් ඇලෝසියස් සහ ඩබ්ලිව්.ආර්.කාවින්ද ප්‍රෝ කාඩ්පත් දිනා ගැනීමට සමත් වී තිබුණි.
එසේම ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු හට ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනයේ රන් සාමාජිකත්වය හිමි වී තිබුණි.
