කෝවිල් බිමේ පුරාවස්තු සොයන්න කැණීම් කළ 3ක් මාට්ටු

කෝවිල් බිමේ පුරාවස්තු සොයන්න කැණීම් කළ 3ක් මාට්ටු

July 7, 2026   02:51 pm

හාලිඇල - කන්දේගෙදර පොලිස් වසමට අයත් නාරන්ගල ලෙජර්වත්ත කෝවිල් භූමියේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (07) සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25,40,සහ 29 යන වයස්වල පසුවන වටගොඩ,ලෙජෙර්වත්ත,සහ දෙල්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්‍ බව පොලීසිය සදහන් කළේය.

මෙම කෝවිල වසර 100කට වැඩි ඉතිහාසක් ඇති බොහෝ අනුහස් ඇති කෝවිලක් බවට වතු ජනතාව තුළ විශ්වාසයක් පවතින කෝවිලකි.

එහි ඇති ඉපැරැණි නුග ගසක් අසළ මෙම කැණීම සිදුකරන අවස්ථාවක පොලීසියට ලද මත සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සමඟ විදුලියෙන් ක්‍රියත්මකවන ඩ්‍රිල් එකක්, ගල් විදින කටු 03ක්,පිහියක්, පොරවක් තාච්චියක්,මැටු පහන් 02ක් ,කපුරු පූජා ඇතුළු පූජා භාණ්ඩ ද අත්අඩංගුවට ගෙන තිබේ.