පරණ බඩුවලට ආදරය කරන 'පාදෙණිය මාමා'

පරණ බඩුවලට ආදරය කරන 'පාදෙණිය මාමා'

July 30, 2026   11:37 am

ඉපැරණි භාණ්ඩ එකතු කරමින් ඒවා සංරක්ෂණය කරමින් දෙස් විදෙස් මහජනතාව වෙත නොමිලේ ප්‍රදර්ශනය කරන අපූරු මිනිසෙකු පිළිබඳව තොරතුරක් අපට දඹුල්ල ඉනාමලුව සීගිරිය හන්දියේදී වාර්තා විය.

ඔහු නමින් ඒ .ජී .කරුණාරත්න පාදෙණිය මහතායි.  

බොහෝ දෙනකු ඔහු හඳුනන්නේ 'පාදෙණිය මාමා' යන නාමයෙනි.

කුඩා අවදියේ සිට ඉපැරණි දුර්ලභ දේවල් සොයායෑම ඒවා මිලදීගැනීම විනෝදාංශයක් ලෙස කළ ඔහු ලෝකයේ රටවල් රැසක සංචාරය කරමින් රැකියා කරමින් එම රටවල්වල ද අතිශය දුර්ලභ දෑ සොයාගෙන ඒවා මෙරටට ගෙන ඒම විශේෂත්වයකි.

දඹුල්ල ඉනාමලුව සීගිරිය හන්දිය ප්‍රදේශයේ මේ වන විට දෙස් විදෙස් ජනතාවට නොමිලේ මෙම සියලු භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම ඔහු කාලයක සිට සිදුකරගෙන එනු ලබන ක්‍රියාවලියකි.

ඔහු සතු ඉපැරණි භාණ්ඩ කිසිවක් අලවි නොකෙරීමද විශේෂත්වයකි.

ලෝකයේ පැරැණිත සහ කුඩාම නව කතා පොත ද ඔහු සතුය.

එම පොතේ ප්‍රමාණය අතේ සුලැගිල්ලේ එක පුරුකක පළල පුරුක් දෙකක උසකි.  

අතීතයේ මුළුතැන්ගෙයි භාවිතා කළ උපකරණයේ සිට දුරකථන ඡායාරූප ලබා ගැනීම සඳහා යොදාගත් කැමරා උපකරණය වීඩියෝ උපකරණ පැරැණිතම ග්‍රැමෆෝනය එමෙන්ම ලෝකයේ පැරණිතම සුවඳ විලවුන් වර්ග ඔරලෝසු වර්ග මෙන්ම පැරණි මුදල් කාසි නෝට්ටු ,පුවත්පත් පුස්කොල පොත් කඩු කිනිසි පාවහන් ආදී බොහෝ දෑ මෙහි පවතින බව කියැවේ.

මෙහි ඇති බහුතර දේ තවමත් ක්‍රියාත්මකවීමද විශේෂත්වයකි.