නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහළ සැකකරුවෙක් අත්අඩංගුවට

නිරුවත් වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහළ සැකකරුවෙක් අත්අඩංගුවට

August 14, 2026   09:44 am

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ආණමඩුව පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අදාළ කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) දින උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට පත් වී ඇත්තේ මාම්පූරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.