මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අල්ලයි
January 12, 2025 01:02 pm
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 02ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඊයේ (11) දින රාත්‍රී කාලයේදී මන්නාරම උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් මෙරට මෙම ධීවර යාත්‍රාව සිය භාරයට ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
ඒ සමග ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනා ඉරණතිව් දූපත වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දීමට නියමිතව තිබේ.
එමෙන්ම 2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් සහ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබේ.