ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන ගේ අවසන් කටයුතු සිදුකෙරේ
February 4, 2025 08:46 pm
අභාවප්‍රාප්ත ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා වෙනුවෙන් වූ අවමංගල්‍ය දිව්‍ය පූජා යාගය සහ දේහය පිළිබඳ අවසන් කටයුතු ජා ඇළ වෑවල ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයේදී අද (04) පස්වරුවේ සිදුකෙරුණි.
දෙස් විදෙස් ගෞරවයට පත් හැරී ජයවර්ධනයන් මියයනවිට 82වැනි වියෙහි පසුවිය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා කලක සිට රෝගාතුරව සිට තිබුණි.
දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත.
2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්ව ඇති එතුමා මෙරට ඩෙන්මාර්කය සඳහා ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.
ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු මෙන්නම ප්‍රබල ව්‍යාපරිකයෙකු වූ ජයවර්ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දැරීය.