බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව බැක්ටීරියා ආසාදනයක්

බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව බැක්ටීරියා ආසාදනයක්

February 5, 2025   08:00 am

කොළඹ බේර වැවේ සතුන් මියයෑමට හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවට පර්යේෂනවලින් තහවුරු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි.

එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ, මියගිය සතුන්ගේ පටක යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවලදී මේ බව සහවුරු වූ බවය.

"පසුගිය දිනවල තාරාවන් මියයෑම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව මැදිහත් වී හෝමාගම පශු විමර්ශන ඒකකයේ සම්බන්ධීකරණයෙන් මැරිච්ච තාරාවන්ගේ ශරීර පටකවලින් පරීක්ෂණ කිහිපයක් කරා. ඊට අමතරව ලේ පරීක්ෂණ සහ වෙනත් පරීක්ෂණ කිහිපයක් සිදුකරනවා. මේ වනවිට අපිට පෙනී ගිහින් තියෙනවා Pasteurella multocida කියන බැක්ටීරියාව ආසාදනය වී ඇති බවයි අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ වුණත් අපි තවදුරටත් තත්ත්වය පරීක්ෂා කරන්න තවදුරටත් පරීක්ෂණ කරනවා."

ඉතිරි වී ඇති සතුන්ට ප්‍රතිජීවක එන්නත් ලබා දීම අද සිට ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.