පැතුම් ගැන සතුටු හිතෙන පුවතක්

පැතුම් ගැන සතුටු හිතෙන පුවතක්

February 5, 2025   04:44 pm

ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට පැතුම් නිස්සංක ක්‍රීඩාකරන බව නායක ධනංජය ද සිල්වා පවසයි.

දෙරට අතර ගාල්ලේදී හෙට (6) ආරම්භවන දෙවන හා අවසන් තරගය වෙනුවෙන් අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

ආබාධයකට ලක්වීම හේතුවෙන් පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් තරගය අහිමි විය.

මේ අතර හෙට තරගයේදී ශ්‍රී ලංකාව දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවද නායක ධනංජය පැවසීය.