ප්‍රදේශ රැසකට හිසරදයක් වූ සැකකරු කොටු
April 11, 2025 07:49 am
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ඊයේ (10) උදෑසන කාලයේ බියගම පොලිස් වසමේ ආයෝජන කලාප ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ය.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ එහිදී ගෙවල් බිඳ දේපොළ සොරකම් කිරීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු සොරකම් කරන ලද දේපොළ සමග අත්අඩංගුවට ගත් බවය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී බියගම, කිරිබත්ගොඩ, කඩුවෙල, වැලිවේරිය හා අවිස්සාවේල්ල පොලිස් වසම්වල ගෙවල් බිඳ දේපොළ සොරකම් රැසක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
සොරකම් කරන ලද රූපවාහිනී යන්ත්‍ර 02ක්, පරිගණක යන්ත්‍රයක්, උණු කරන ලද රත්තරන් ගුලි 05ක්, ගෑස් සිලින්ඩරයක්, රෙදි සෝදන යන්ත්‍රයක් සහ ශීතකරණයක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය පිළිබඳ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.