මිටියාගොඩ ද්විත්ව ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

මිටියාගොඩ ද්විත්ව ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

May 8, 2025   07:03 am

වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 3 වනදා මිටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 27,40 හා 44 වයස්වල පසුවන මීටියාගොඩ හා කහව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.