කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
May 24, 2025 07:04 pm
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔම්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55-60ක් දක්වා වැඩි විය හැකි බවය.
ඒ සමගම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
මේ හේතුවෙන් ධීවරයින් සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධව දැනුවත් වන ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.