ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට
June 5, 2025 09:32 am
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.
අද (05) පෙරවරු 09ට පමණ ඒ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන් වේ.