ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්
June 26, 2025 09:21 pm
ඉරානය සටන් විරාමය පිළිගත්තද, ඊශ්‍රායලය තම රටට ප්‍රහාර එල්ල කළහොත් දරුණු ලෙස ප්‍රතිචාර දක්වන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා දෙල්කොෂ් මහතා පවසයි.
අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක ඒ මහතා මේ බව පැවසීය.
එසේම තම රටට කුමන ප්‍රහාර එල්ල කළත්, තම න්‍යෂ්ටික තාක්ෂණික බුද්ධිය කිසිවෙකුටවත් සොරාගත නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර 'ඉරාන - ඊශ්‍රායල' සටන්විරාමය අතරේ ද යළි ගැටුම් ඇතිවිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙන බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.