පක්ෂ තීරණයට උඩින් ගිය පදක්කමේ සභිකයාට වැඩ වරදියි
July 2, 2025 01:34 pm
පදියතලාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් සර්වජන බලය සභික චතුන් ඉරංගිකගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට සර්වජන බලය පියවර ගෙන තිබේ.
සර්වජන බලය පක්ෂයේ මහලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක ඒ බව දැක්වෙයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අපක්ෂපාතී විනය පරීක්ෂණයකින් අනතුරුව අවසන් තීරණයක් ලබාදෙන තුරු මෙලෙස පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවා ඇති බවය.
අදාළ ලිපිය පහතින් දැක්වෙයි