සිය වැනි ජන්ම දිනයට මහතීර් මොහොමඩ්ට රනිල්ගෙන් සුබ පැතුම්

සිය වැනි ජන්ම දිනයට මහතීර් මොහොමඩ්ට රනිල්ගෙන් සුබ පැතුම්

July 10, 2025   07:36 pm

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාගේ, සිය වැනි ජන්ම දිනය නිමිත්තෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබාංශිංෂණ එකතු කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා මැලේසියාව ගොඩනැගූ නායකයා ලෙස සලකනු ලැබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුරකථන ඇමතුමක් මඟින් මෙසේ ඔහුට සුබ පතා ඇති අතර එහිදී ඔවුන් අතර කෙටි දුරකථන සංවාදයක් ද පවත්වා ඇත.

80 දශකය මුල් භාගයේ දී බලයට පත්වුණු මහතීර් මොහොමඩ් අගමැතිවරයා මැලේසියාව අද තිබෙන දියුණු තත්ත්වයට පත් කිරීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කළේය.