පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන තනතුරේ වෙනසක්?
November 1, 2025 12:41 pm
පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන තනතුරේ වෙනසක් සිදුවීමට නියමිත බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පොලිස්පතිවරයාට පමණක් දෙවැනි වන පොලිස් පරිපාලන ධුරයේ මේ වන විය මධ්‍යම පළත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කටයුතු කරයි.
කෙසේවෙතත් පසුගිය කාලසීමාවේ ඇතිවූ යම් යම් අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් ඔහු එම තනතුරෙන් ඉවත්කිරීමට නියමිත බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මීළඟ පොලිස් පරිපාලන ධුරය සඳහා පත්කෙරෙනු ඇති බව සඳහන් වෙයි.
ඔහුගෙන් හිස්වන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පත්කිරීමට නියමිතව ඇත.
ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිව ඇතිව මෙම ස්ථාන මාරු කිරීම සිදුකිරීමට නියමිතව තිබේ.
මීට අදාළ නිවේදනය අද (01) දිනයේදී පොලිස්පතිවරයා විසින් නිකුත්කිරීමට නියමිත බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
