තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි තොගයක් පොලිස් භාරයට

තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි තොගයක් පොලිස් භාරයට

November 1, 2025   09:44 pm

ගාල්ල ප්‍රදේශයේදී සිදුකළ හදිසි වැටලීමකදි තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 05 දෙනෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද (01) සවස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේදී සිදුකරන ලද "රටම එකට" මෙහෙයුමට සමගාමීව සිදුකරන ලද වැටලීමකදීය.

එහිදී දුම්වැටි බන්ඩල් 95ක දුම්වැටි 19,000 දහසකට ආසන්න ප්‍රමාණයක් නිලධාරි භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොද්දල සහ මිලිද්දුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය පැවසීය.