දුම්රිය පීලි පැනීමක්

දුම්රිය පීලි පැනීමක්

November 2, 2025   07:32 am

දුම්රිය පීලී පැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මීරිගම සහ විල්වත්ත දුම්රිය ස්ථාන අතර ඉන්ධන ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙලෙස ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය පීලීගත කිරීමේ කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.