පා.මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ලිඛිතව ඉල්ලීම් කළ හැකියි - පොලීසිය

පා.මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ලිඛිතව ඉල්ලීම් කළ හැකියි - පොලීසිය

November 2, 2025   06:51 pm

ආරක්ෂාව පිළිබඳව පවතින තර්ජන සම්බන්ධයෙන් විශ්ලේෂණයකින් අනතුරුව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

පොලීසිය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ හැකි බවය.

ඒ අනුව ඔවුන්ට පවතින තර්ජණ පිලිබඳව විශ්ලේෂණය කොට ආරක්ෂාව ලබා දිය බවට තහවුරු කළහොත් එම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝල ගිනිඅවියක් ලබා දෙන ලෙස ද ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.