රුපියල් මිලියන 21කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමගින් ලාංකිකයෙකු කටුනායකදී අල්ලයි
November 3, 2025 11:39 am
රුපියල් මිලියන 21කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි හරහා මෙරට පැමිණ ඇති අතර ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2.7කට ආසන්න තොගයක්ද එහිදි රේගු නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු බව ශ්‍රි ලංකා රේගුව සඳහන් කළේය.
සැකකරු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ ගමන් මලු තුළ සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමටද කටයතු කර තිබේ.
