වයඹ පළාතේ ජනතාවට විශේෂ නිවේදනයක්

වයඹ පළාතේ ජනතාවට විශේෂ නිවේදනයක්

November 3, 2025   10:19 pm

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු අද (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ අනුව වයඹ පළාත් ජනතාවට එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකිවනු ඇත.

පළාත් කාර්යාලයේ ලිපිනය,

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් කාර්යාලය,
03 වන මහල,
නව වෙළඳ සංකීර්ණය,
කුරුණෑගල

දුරකථන අංකය : 037 2224337

ෆැක්ස් අංකය : 037 2224337