ට්‍රම්ප්ගේ මීළඟ වෑයම

ට්‍රම්ප්ගේ මීළඟ වෑයම

November 4, 2025   11:39 am

සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අමෙරිකාවේ ධවල මන්දිරයේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

එළඹෙන 18 වනදා මොහොමඩ් බින් සල්මාන් කුමරු අමෙරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සල්මාන් කුමරු අතර සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.

සබඳතා සාමාන්‍යකරණය කිරීම සඳහා ඊශ්‍රායලය සමඟ , එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, සුඩානය සහ මොරොක්කෝව සමඟ 2020 වසරේ දී ඒබ්‍රහම් නම් ගිවිසුමට එළඹුණි.

මෙම සංචාරය අතරතුර දී සෞදි අරාබිය ද ඒබ්‍රහම් ගිවිසුමට සම්බන්ධ වූ ජාතීන්ගේ ලැයිස්තුවට එක්කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහා දරණු ඇති බව සඳහන් වේ.