සජිත් - සීතාරාමන් හමුවෙයි
November 4, 2025 09:20 pm
නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු - ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, නවදිල්ලියේදී ඇය සමඟ හමුවකට එක්වූ අවස්ථාවේදීය.
ඉන්දියාවේ සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අද හමුවී තිබුණේ නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශයේදිය.
එහිදී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දියාව වැනි විශාල වෙළෙඳපොළකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව පැවසූ මුදල් අමාත්‍යවරිය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බව අවධාරණය කර ඇති බවයි විපක්ෂ නායක මාධ්‍ය අංශය පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද සමයේ ඉන්දියාව ලබාදුන් අමෙරිකානු ඩොලර් බිලියන 4ක සහයෝගයට මෙහිදී විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළකර තිබේ.
ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා - ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර, නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉන්දීය මුදල් අමාත්‍යවරියගෙන් ඉල්ලා තිබුණි.
මේ අතර ඉන්දියානු කර්මාන්ත සඳහා කැප වූ ඉන්දියා - ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිෙබ්
ඒ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ඊයේ හමුවූ අවස්ථාවේදීය.
