ගෙලිඔය බස් - ත්රිවිල් අනතුරෙන් කාන්තාවක් මරුට
November 12, 2025 04:53 pm
පේරාදෙණිය පොලිස් බල ප්රදේශයට අයත් ගෙලිඔය, කරමඩ ප්රදේශයේ අද (12) දහවල් සිදු වූ රිය අනතුරෙන් කාන්තාවක් මරණයට පත්ව තිබේ.
එමෙන්ම මෙම අනතුරෙන් තුවාල ලැබූ ඇගේ දියණිය හා තවත් පුද්ගලයෙකු මේ වනවිට පේරාදෙනිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
මෙම අනතුර අද ප.ව. 1ට පමණ සිදු වූ අතර, එහිදී මරණයට පත්ව ඇත්තේ කරමඩ ප්රදේශයේ පදිංචිකාරියක වන 35 හැවිරිදි එක්දරු මවක්ය.
නුවරඑළිය සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවත නවතා තිබූ ත්රීරෝද රථයක ගැටී, සිය නිවසේ පවත්වාගෙන ගිය වෙළෙසැලක ගැටී මෙම අනතුර සිදුවිය.
එහිදී වෙළෙඳසැලේ සිටි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි ඇගේ සය හැවිරිදි දැරිය ද තුවාල ලැබීය.
එමෙන්ම අනතුරට ලක් වූ ත්රිරෝද රථයේ රියදුරාද බරපතළ තුවාල ලබා ඇත.
බස් රථයේ රියදුරා මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර, පේරාදෙණිය පොලීසියේ රථ වාහන අංශය අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
