2025 විමධ්‍යගත අයවැයට අදාළව නිකුත් කළ චක්‍රලේඛයට සංශෝධනයක්
November 15, 2025 05:28 pm
මෙම වසරේ විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත වූ ව්‍යාපෘති යෝජනා සම්බන්ධව මුදල් අමාත්‍යාංශය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ 2025 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත වූ ව්‍යාපෘති යෝජනා එළැඹෙන දෙසැම්බර් 15 වැනිදාට පෙර අවසන් කළ යුතු බවය.
මින් පෙර නිකුත් කරන ලද MF/02/2025 චක්‍රලේඛය මගින් මුදල් අමාත්‍යාංශය විසින් සඳහන් කර තිබුණේ විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත වූ යෝජනා අද (15) දිනට පෙර අවසන් කිරීමට කටයුතු කළ යුතු බවය.
ඒ අනුව පසුගිය ජනවාරි 29 වැනිදා නිකුත් කළ එම මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයේ 3.3 ඡේදය සංශෝධනය කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් මෙම නව චක්‍රලේඛයක් නිකුත් කරමින් එම යෝජනා එළැඹෙන දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර අවසන් කරන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දන්වා යවා තිබේ.
