මත් ජාවාරමට සහාය වූ ස්ථාන දෙකක් වටලයි
November 15, 2025 08:18 pm
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සලකුණු නිර්මාණය කරන ස්ථානයක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වටලා තිබේ.
එහිදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය පැවසුවේ, එම ස්ථානයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් භාවිත කරන සලකුණු රැසක් ඇතුළත් ස්ටිකර් තොගයක් ද සොයාගත් බවය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනා ගැනීම සඳහා භාවිත කරන සලකුණු නිර්මාණය කරන ගල්කිස්සේ පිහිටි ස්ථානයක් පිළිබඳව පසුගියදා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කළේය.
එහි ප්‍රථිපලයක් ලෙස අදාළ ස්ථානය ඊයේ පස්වරුවේ වටළා එහි හිමිකරු අත්අඩංගුවට ගැනුණි.
සොයාගත් ස්ටිකර් ගල්කිස්ස හා බඩෝවිට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බහුලව භාවිත කර ඇතැයි සැක කරයි.
ලොව ප්‍රකට කාටුන් සහ රූපවාහිනී කතා මාලාවන්හි එන චරිත යොදාගෙන සැකසූ ස්ටිකර් තොගයක්ද ඒ අතර වේ.
මේ අතර විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින්, හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේදී භාවිතා කරන ස්ටිකර් මුද්‍රණය කළ මොරටුමුල්ල කටුබැද්දේ පිහිටි ස්ථානයක් ද පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් වටලනු ලැබීය.
මෙම ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ ඉකුත් 9 වැනිදා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් සැකකරුවන් පිරිසකගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීයි.
