අයවැය කාරක සභා විවාදය ඇරඹෙයි
November 17, 2025 09:30 am
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා විවාදයේ දෙවන දිනය ආරම්භ කර තිබේ.
අයවැය තෙවන වර කියවීමේ විවාදය 15 වැනිදා ආරම්භ කළ අතර එය දින 17ක් පුරා පැවැත්වීමට නියමිතය.
එහි ඡන්ද විමසීම දෙසැම්බර් 5වනදා ප.ව. 6.00ට සිදු කිරීමට නියමිත බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර 2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසුම වැඩි ඡන්ද 118කින් සම්මත විය.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් ලැබුණු අතර, 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
