භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල අත්අඩංගුවට
November 17, 2025 10:19 am
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සිදුකළ බඳවාගැනීමක් සම්බන්ධයෙන් ඒ මහතා අද (17) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි.
අත්අඩංගුවටගත් සැකකරු අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
