හක්මන සමූපාකාර ඡන්දයෙන් NPPය පරාදයි - ජය පොදු විපක්ෂයට

හක්මන සමූපාකාර ඡන්දයෙන් NPPය පරාදයි - ජය පොදු විපක්ෂයට

November 17, 2025   02:41 pm

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියට නව අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ මහා සභා නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් පොදු විපක්ෂය ජයග්‍රහණය කර තිබේ.

ඡන්ද විමසීම ඊයේ (16) පැවති අතර, එහිදී පොදු විපක්ෂය නියෝජනය කළ නියෝජිතයින් 68දෙනෙකු හා ජාතික ජන බලවේගය නියෝජිතයින් 32 දෙනෙකු තේරී පත්වුණි.

ඒ අනුව හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය පොදු විපක්ෂය විසින් හිමිකර ගත්තේය.

හක්මන සමූපකාර ඡන්දය සඳහා පොදු විපක්ෂය නියෝජනය කරමින් සමුපකාර සමිතියේ හිටපු සභාපති තුෂාර විදානගම මහතා කුඹල්ගොඩ ප්‍රාදේශිකය නියෝජනය කරමින් තරග කළ අතර, හක්මන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හක්මන ප්‍රාදේශිකය වෙත තරග කළේය.

හක්මන විවිධ සේවා සමූපකාරයේ ප්‍රාදේශික 37ක් තිබුණද දැනට ක්‍රියාත්මක වන්නේ 17ක් පමණි.

ග්‍රාමීය බැංකු ශාඛා 14ක් කෝප් සිටි එකක් සහ මිණිකෝප් සිටි හතරක්, ඉන්ධන පිරවුම්හල් දෙකක්, මුල්‍ ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක්, දිවා සුරකුම් මධ්‍යස්ථානයක් සහ පොල්තෙල් මෝලක් හක්මන විවිධ සේවා සමූපකාර සමිතිය සතුව පවතී.

මහා සභා නියෝජිතයින් 100ක් සාමාජික ඡන්දයෙන් තෝරා පත්කරගන්නා අතර එම 100දෙනා අතුරින් හත්දෙනෙකු අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා තෝරාපත් කර ගැනීමට ද නියමිතය.