දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්
November 17, 2025 10:15 pm
දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (17) ප.ව. 7:00 සිට හෙට (18) ප.ව. 7:00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය.
ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
බදුල්ල දිස්ත්‍රික්කය:
හල්දුම්මුල්ල
කෑගල්ල දිස්ත්‍රික්කය:
අරණායක
ඒ අනුව, විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
බදුල්ල දිස්ත්‍රික්කය:
බණ්ඩාරවෙල
හපුතලේ
කළුතර දිස්ත්‍රික්කය:
වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය:
ගඟවට කෝරළය
උඩුනුවර
උඩපලාත
තුම්පනේ
පාතහේවාහැට
උඩුදුම්බර
ගඟ ඉහළ කෝරළය
පස්බාගෙ කෝරළය
යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය:
රඹුක්කන
මාවනැල්ල
දැරණියගල
කුරුණෑගල දිස්ත්‍රික්කය:
මාවතගම
මල්ලවපිටිය
මොනරාගල දිස්ත්‍රික්කය:
බිබළ
නුවරඑළිය දිස්ත්‍රික්කය:
අඹගමුව
හගුරන්කෙත
වලපනේ
නෝර්වුඩ්
කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය:
කිරිඇල්ල
බලන්ගොඩ
කලවාන
කොලොන්න
රත්නපුර
