කටුනායකට ආ ගුවන්යානා තුනක් හරවා යැවේ

කටුනායකට ආ ගුවන්යානා තුනක් හරවා යැවේ

November 19, 2025   10:09 am

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන්යාන 03ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.

අද (19) උදෑසන පැවති ඝන මීදුම හේතුවෙන් මෙලෙස ගුවන්යානා හරවා යවා තිබුණි. 

චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881 ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 ගුවන් යානය මෙලෙස හරවා යවා තිබුණි.

මීට අමතරව, සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-254 ගුවන් යානය ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇත.

උදෑසන මෙහෙයුම්වලට බාධා වූ මීදුම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බව වාර්තා වෙයි.