අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණය ඉල්ලයි
November 19, 2025 01:54 pm
අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජය විසින් මේ දක්වා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් අද (19) නියම කර තිබේ.
මෙම කරුණට අදාළව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මෝසමක් මාර්ගයෙන් සලකා බැලීමෙන් අනතුරුව දමිත් තොටවත්ත සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.
අදාළ මෝසම මගින් අධිකරණයට දැනුම් දී තිබුණේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගත යුතු යෝජනා මාලාවක් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් වග උත්තරකරුවන් වෙත ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන්ග ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නොමැති බවය.
ඒ අනුව අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ගොනු කර තිබුණි.
පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් ඉදිරිපත් කළ එම මෝසම වෙනුවෙන් නීතීඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා දැක්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අලි මිනිස් ගැටුම අවම කිරීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට නියෝග කළේය.
