21 ජනරැළියට සහභාගි වන්නැයි දිලිත් ප්‍රමුඛ සර්වජන බලයට ආරාධනා

21 ජනරැළියට සහභාගි වන්නැයි දිලිත් ප්‍රමුඛ සර්වජන බලයට ආරාධනා

November 19, 2025   03:13 pm

"මහා ජන හඬ" නමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව 21 දින නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා සහභාගී වන්නැයි, අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර මහතාට ආරාධනා කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පා.ම. මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් මෙම ආරාධනය කළේය.

"මේ අණ්ඩුව උත්සහා කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලවලා ඒ අයට තවත් රැස්වීම් තියන්න. ඒ අයට තියෙනවා වගේම අපිටත් අයිතිය තියෙනවා රැස්වීම් තියන්න. මේ ආණ්ඩුව දුන්න පොරොන්දු සම්බන්ධයෙන් මතක් කරන්න අපිට අයිතියක් තියෙනවා. 

විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ මේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මේ ප්‍රතිපත්තියක් නැති තමන්ට බලය ගන්න ඕනේ නම් ඕනේම කෙනෙක් එක්ක එකතුවෙන. දැන් මේ අය විරුද්ධ පාක්ෂිකයෝ හොරු හොරු කියලා කෑ ගහද්දි මේ අය රහසේ පාළාත් පාලන වල බලය ගන්න එදා හොරු වෙච්ච අය එක්ක එකතුවෙලා බලය පිහිටවනවා. අද වෙන විට ප්‍රසිද්ධියේ අයවැය එක එක පරාද වෙනවා. ඒ රහසේ බලය අරගෙන. මේ ආණ්ඩව බලය සඳහා නොකරන දෙයක් නෑ.  අපි දැක්කා ඊයේ සීතාවක වෙච්ච දේ. අර සර්වජන බලයේ මන්ත්‍රීවරයෙකුට සල්ලි දීලා. බලය පිහිටව්වා. දිලිත් ජයවීර මහත්තයා වමේ කෙනෙක්. එතුමාටත් කියනවා මේ කල් මැරුවා ඇති. මේ ආණ්ඩුව නොකරන දෙයක් නෑ. කරුණාකරලා අපිත් එක්ක එකතු වෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාටත් හොඳටම ඉඩ තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. සියලුම නායකයින්ට අපි ආරාධනා කරනවා තවත් දින දෙකක් තියෙනවා. "