කසළ කළමණාකරණය ගැන වෘත්තිය විෂයක් හඳුන්වා දීමට අවධානය
November 20, 2025 08:55 pm
බස්නාහිර පළාත තුළ කසළ කළමණාකරණය ලෙස නව වෘත්තිය විෂයක් හඳුන්වා දීම පිළිබදව ඒ සම්බන්ධයෙන් වන විශේෂ අනුකමිටුවේ අවධානය යොමු වී තිබේ.
ඒ බස්නාහිර පළාත් කසළ කළමණාකරණය සම්බන්ධයෙන් පත් කළ විශේෂ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් රැස්වු අවස්ථාවේ දීයි.
මෙහිදී බස්නාහිර පළාතේ ගෘහස්ත, වීථි, ආයතනික සහ ව්‍යාපාර හරහා බැහැර වන ඝන අපද්‍රව්‍යය කළමනාකරණයේ වර්තමාන තත්ත්වය, පිළිබඳ විශේෂ අවධානයක් යොමු වී ඇති බව සඳහන් වේ.
වෘත්තිය අධ්‍යාපන අංශය හා එක්ව කසළ කළමණාකරණය, අලුත් වෘත්තිය විෂයක් ලෙස හඳුන්වා දීම මඟින් කසළ කළමනාකරණය පිළිබඳ සමාජ අවබෝධයක් ලබා දීම සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සිදු කළ හැකි බව ද එහිදී සාකච්ඡා වී ඇත.
