ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවට
November 21, 2025 10:53 am
ලෝක රූ රැජින තරගයේ කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ් දිනා ගෙන තිබේ.
මෙම විශ්ව රූ රැජින තරගාවලියට පෙර ෆාතිමා බොෂ් තරගකාරිය තායි තරග අධ්යක්ෂවරයෙකුගේ අපකීර්තියට ලක් වී තිබුණි.
නමුත් ඇය ලෝක රූ රැජින අවසන් තරගයේදී විශ්ව රූ රැජින ලෙස මෙලෙස කිරුළු පළඳමින් ජයග්රහණය කර ඇත.
තරගාවලියේ දෙවැනි ස්ථානය තායිලන්තයේ රූ රැජින දිනාගත් අතර එහි තෙවැනි ස්ථානයට පත්ව තිබුණේ වෙනිසියුලා රූ රැජින යි.
දෙසතියකට වැඩි කාලයක් පැවති තරගාවලිය කාගේත් අවධානය දිනාගත්තේ අවස්ථා කිහිපයකදී එහි ඇතිවූ මතභේදාත්මක සිදුවීම් හේතුවෙන් බව සඳහන්ය.
එහිදී, තරග විනිශ්චය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ඉන් ඉවත්ව යාම මෙන්ම ජැමෙයිකා තරගකාරිය වේදිකාවෙන් ඇදවැටී බරපතළ තුවාල ලැබීම වැනි සිදුවීම් එහිදී කාගේත් වැඩි අවධානය දිනාගත් සිදුවීම් ලෙස කියවේ.
තරගකාරියන් 130 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 74 වැනි වරට පැවැති විශ්ව රූ රැජින තරගාවලිය වාර්තා අතරට එක්වන්නේ ලොව පැරැණිතම රූ රැජින තරගයක් ලෙසයි.
