සොරණාතොට ප්‍රා.ස. අයවැය විවාදය අතරතුර මන්ත්‍රීවරයෙක් හදිසියේ අසනීප වෙයි

සොරණාතොට ප්‍රා.ස. අයවැය විවාදය අතරතුර මන්ත්‍රීවරයෙක් හදිසියේ අසනීප වෙයි

November 21, 2025   11:17 am

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය විවාදය අතරතුර හදිසියේ අසනීප වූ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කර තිබේ.

පසුගිය නොවැම්බර් මස 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ජාතික ජන බල වේගය ඡන්ද තුනකින් පරාජයට පත්වුණි.

ඒ අනුව අද (21) දිනයේ අයවැය දෙවන වර ඡන්ද විමසීම සඳහා පැවති අයවැය විවාදය අතරතුර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුවුණි.